Sunday, January 30, 2011

හෙට ඉදන් අලුත් තැනක වැඩ....

මගේ රස්සාවට ඇවිල්ලා දැනට අවුරුදු තුනක් විතර වෙනවා. ගම් පළාතින් ගොඩක් ඈත බණ්ඩාරගම තිබ්බ අපේ ෆැක්ටරියට තමයි රස්සාව කරන්න යන්න උනේ ඉස්සෙල්ලාම. එහෙට ගිය මුල් දවස් ටිකේ අප්සෙට් එකේ වාගේ හිටියාට පස්සේ පස්සේ කට්ටිය සෙට් උනා. අන්තිමට අවුලක් නැතිව වැඩ ටික කරගෙන දෙයියනේ කියලා ඉන්න පුලුවන් උනා. ඒත් ඉතිං ගෙදර එනවා බොරු. නිවාඩු ගන්න පුදුම ගේමක් දෙන්න උනේ. ඇයි අප්පා දවසක් ගියානේ ගෙදරට එන්න ෆැක්ටේරිය ඉදන්.


කාලයක් තිස්සේ ලොක්කට කිය කියා හිටියේ ගෙවල් ලග ෆැක්ටරියට මාව මාරු කරන්න කිය කියා. දෙයියනේ කියලා මාව මේ පලවෙනිදා ඒ කියන්නේ හෙට ඉදන් ගෙවල් ගාවට මාරු කරලා.. ගෙදරින් බත් කටක් කන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද නේද?

ගෙදර අගේ තේරෙන්නේ ගෙදරින් පිට වෙලා ගිහින් ඉන්න දවසට තමයි. අපිට නම් දැන් ඉතිං ඒකට හුරු වෙලා... ඒත් ඉතිං අම්ම උයන බත් එකක් කන තරම් කොහෙද ගතියක් නේද?


හෙට ඉදන් අලුත් තැනේ විස්තර කියන්නම්කෝ....එතකං ජය වේවා!

No comments:

Post a Comment