Tuesday, December 28, 2010

සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ....



සුදු මැණිකේ කව්ද කියන එකයි, මොනවාද මේ කියන්නේ කියන එකයි දෙකම දැන් අපේ අයට ගැටලුවක් වෙලා ඇති. ඔන්න අද ඉදන් ලියන්නයි යන්නේ විස්තරේම මුල ඉදන්....

සුදු මැණිකේ කියන්නේ අහිංසකම අහිංසක කුඹියකුටවත් වරදක් කරන්නේ නැති පුංචි කෙල්ලෙක්. මට සුදු මැණිකේ හම්බ වෙන කොට සුදු මැණිකේ ජිවිතේ ගොඩක් තනි වෙලා හිටියේ. එයාට එයාවත් නැති වෙන තරමට එයා තනි වෙලා හිටියේ..මගේ යාලුවෙක්ගේ මුහුණු පොතෙන් තමයි එයාව මුලින්ම දැන ගත්තේ. ෆොටෝ එකක් නැති නිකං ප්‍රොෆයිල් එකක් තමයි එයාට තිබුනේ...මමත් එයාට රික්වෙස්ට් එකක් දාලා බලන් හිටියා. සතියකින් විතර පස්සේ එයා මාවත් ඇඩ් කරලා තිබුනා. කාලය ඔහොම ගෙවිලා ගියා...


සුදු මැනිකේ දාන කමෙන්ට් ගොඩක් දුක හිතෙන ඒවා උනා. මම මගේ යාලුවාගෙන් සුදු මැණිකේ ගැන ඇහුවා...කව්ද කියලා කියන්න එයා දන්නේ නැ කිවා..ඒත් මට ඒ උත්තරේ ගැන සැක හිතුනා...ඒත් මං මුකුත් කියන්නේ නැතිව හිටියා....දවසක් මම එයාට මැසේජ් කලා...


“ඇයි ඔයා මේ තරම් දුක හිතෙන ඒවා දාන්නේ ඔයාගේ වෝල් එකේ “  කියලා දැම්මා...‍මම වෙන මොනවා ලියන්නද... ඒ සුදු මැණිකේ මට ආපහු එවලා තිබ්බ උත්තරේ....

මට තේරුනා සුදු මැණිකේ මොකක් හරි ලොකු දුකකින් ඉන්නේ කියලා.ඒත් ඒක අහගන්න කෙනෙක් හිටියේ නැ. සුදු මැනිකේව දන්න කෙනෙක් හිටියෙත් නැ. මම එයාගේ විස්තර බැලුවාම එයා මට ලගම ටවුන් එකේ...මම දන්න අයගෙන් ඇහුවාම එහෙම කෙනෙක් නැ කිවා...දැන් ඉතින් මොනවා කරන්නද? මම බලන් හිටියා....

දවසක් මහ රැ දොලහාමාරට විතර එයාගේ වෝල් එකේ දාල තිබුනා කමෙන්ට් එකට මම මැසේජ් කලා..එයාත් රිප්ලයි කලා...එයාගේ හිතේ තිබුන දුක කියන්න පටන් ගත්තා....මමත් අහන්න පටන් ගත්තා...එයා මගේ යාලුව එක්ක අව්රුදු එක හමාරක් විතර ආදරේ කරන්න පටන් අරන්..අපේ එකා මගේ සුදු මැණිකේව ජිවිතේ අසරණ කරලා ගිහින් වෙන කෙනෙක් එක්ක...සුදු මැණිකේව ජිවිතේම තනි කරලා දාලා ගිහින්...සුදු මැණිකේ අදත් ඒ ගින්දරින් පිච්චි පිච්චි ඉන්නවා...

පස්සේ දවස මම එයා හම්‍බ වෙන්න ගියා..මම කවදාවත් එයාට ආදරේ කරන්න හැදුවේ නැ..ඒත් මගේ හිත ඒ අහිංසක කෙල්ල ඉස්සරහ අකිකරු වෙලා..අද සුදු මැණිකෙගෙන් තොර ජිවිතයක් මට නැ...මට ඕනේ හැමදාම එයා සතුටින් තියන්න..එයාගේ පුංචි හිනාව මට මගේ හැම දුකක් කරදරයක්ම නැති කරනවා....සසර සැරි සරණ තෙක්ම සුදු මැණිකේ මගේ....

Monday, December 27, 2010

බලාපොරොත්තුවක්.....දැස් අගින් පේනවා සුදු මැණික....

සුදු මැණිකගේ ජිවිතේ දැන් බලාපොරොත්තුවක් නැතිවෙන තරමටම අසරණ වෙලා.. එයාට ජිවිතේ එපා වෙලා.. ඒකට හේතුව එයාම පණ දෙවෙනි කරලා කරපු ආදරේ..ඒ ආදරේ නිසා මගේ සුදු මැණික දුක් වෙන තරම මට දරා ගන්න බැරි වෙලා..මහ මෙරක් තරම් එයා කරපු ආදරේට එක වචනෙක ස්තුතියක් නැතිව අසරණ කරලා ගිහින්..අද සුදු මැණිකේ තනියම..ඒත් කවදාවත් මම එයාව එහෙම දාලා යන්නේ නැ. එයාත් ඒක දන්නවා..

දැන් ඔයාලට මේ මුල මැද නොතේරෙන කතාව කියන්නයි මම යන්නේ..ඔය මුලින්ම දාපු කවිය සුදු මැණිකේ ලියපු එකක්....ඒකෙන්ම එයාගේ ආදරේ වටහා ගන්න පුලුවන්....

කව්ද මේ සුදු මැණිකේ...

සුදු මැණිකේ කියන්නේ මගේ ජිවිතය,ආත්මය හැම දෙයක්ම..මගේ හුස්ම පොද වගේ තමයි මගේ සුදු මැණිකේ මට. මට එයා නැති ජිවිතයක් හිතා ගන්නවත් බැ. ඒත් එයා මගේ නෙමෙයි..පව්කාර ආදරයක් නිසා ජිවිතයම වේදනා විදින එයා අපි කාගෙවත් වෙන එකක් නැ. ඒත් පින්පාට ජිවිතය අරගෙන ජිවත් වෙන්න මගේ හිතත් අහිංසක බලාපොරොත්තු පොදි බදිනවා..දරාගන්න බැරි තරමට....

සුදු මැණිකේ...

සෙන්කඩගල පින් පාටම අරගෙන
තුන් ලොවටම මං ඔබ ගැන ලීවාට
විදි සෙනෙහස පත් ඉරුවට ගන්නද
පිදු පරිදිම මට ආපසු දෙනෙවද?.......

උනු කදුලැලි නෙතු අභියස පිරුණම
දොරගුලු ලා හිත තිබ්බෙත් ඔබමය
මට නැතිවට මතු භවයෙත් ඔය හිත
පෙරුම් පුරන්නට තව කල් මදි මට.......

සෙනෙහස පිරි හිත තැලුවෙත් ඔබමය
සිත් අහසම බිද වැස්සත් පෙර දින
තරු සැගව හිරු මැව්වත් ඔබමය
දිවි ඇති තෙක් මට දෙන්නෙත් දුකමද?