Sunday, January 30, 2011

හෙට ඉදන් අලුත් තැනක වැඩ....

මගේ රස්සාවට ඇවිල්ලා දැනට අවුරුදු තුනක් විතර වෙනවා. ගම් පළාතින් ගොඩක් ඈත බණ්ඩාරගම තිබ්බ අපේ ෆැක්ටරියට තමයි රස්සාව කරන්න යන්න උනේ ඉස්සෙල්ලාම. එහෙට ගිය මුල් දවස් ටිකේ අප්සෙට් එකේ වාගේ හිටියාට පස්සේ පස්සේ කට්ටිය සෙට් උනා. අන්තිමට අවුලක් නැතිව වැඩ ටික කරගෙන දෙයියනේ කියලා ඉන්න පුලුවන් උනා. ඒත් ඉතිං ගෙදර එනවා බොරු. නිවාඩු ගන්න පුදුම ගේමක් දෙන්න උනේ. ඇයි අප්පා දවසක් ගියානේ ගෙදරට එන්න ෆැක්ටේරිය ඉදන්.


කාලයක් තිස්සේ ලොක්කට කිය කියා හිටියේ ගෙවල් ලග ෆැක්ටරියට මාව මාරු කරන්න කිය කියා. දෙයියනේ කියලා මාව මේ පලවෙනිදා ඒ කියන්නේ හෙට ඉදන් ගෙවල් ගාවට මාරු කරලා.. ගෙදරින් බත් කටක් කන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද නේද?

ගෙදර අගේ තේරෙන්නේ ගෙදරින් පිට වෙලා ගිහින් ඉන්න දවසට තමයි. අපිට නම් දැන් ඉතිං ඒකට හුරු වෙලා... ඒත් ඉතිං අම්ම උයන බත් එකක් කන තරම් කොහෙද ගතියක් නේද?


හෙට ඉදන් අලුත් තැනේ විස්තර කියන්නම්කෝ....එතකං ජය වේවා!

Thursday, January 13, 2011

මගෙ ආල සිත - සනසවනු මැන

මම මාව කළ - නුඹ මගේ පණ
නුඹ නොමැති විට - මම කොහිද තව
සිත නිවන ඔසු - නුඹයි වෙදදුරු
නුඹ ළඟ දි මට - රහස් නැත රැකුමට 

මා හඩන සිත - කඳුළ නුඹ නෙත
මා සිනා සෙන විට - සතුට නුඹ ළඟ
මා යනෙන මඟ - නුඹ පහන් ටැඹ
මා ඉතින් තව - තනිව නැත නුඹ ළඟ

පිපෙන සුදු මල - නුඹ සුවඳ විය
විල හිස්ව නැත - නුඹ සුනිල දිය
මල නෙලන දින - නුඹ කොයිබකද
නුඹ සැදුව මල - වෙන අතක අද

අතට අත දුන් - කෙනා මෙන් නොව
නුඹ දුරක මුත් - මා ළඟම ඇත
යහන මත නැත - සිත තුලට වැද
මගෙ ආල සිත - සනසවනු මැන

නුඹට ආදරය කරන
මම
 මේක මගේ වෝල් එකේ තිබිලා උපුටා ගත්තේ...මට මේකට ආස නිසා පල කලේ. මේක ලියලා තියෙන්නේ චානක පැතුම් කියලා කෙනෙක්. මෙන්න එයාගේ ලින්ක් එක. මෙතනින් එයාගේ විස්තර බලන්න..http://www.facebook.com/#!/profile.php?id=100000925642298

Monday, January 3, 2011

ඇවිත් රැට සද වාගේ...අරන් යන්න හිත මාගේ....

ආදරයක් මේ තරම් දැනුනේ අව්රුදු ගානකින්...ඒ කාන්තාරයකට වැටෙන පුංචි වැහි බින්දුවක් වාගේ මගේ ජිවිතයට සුදු මැණිකේ ආවට පස්සේ...සුදු මැණිකේට කලින් මම වෙන කෙනෙක්ට පණ වාගේ ආදරේ කලා...ඒත් ඒ ආදරේ දී මාව අසරණ කරලා යන්න ගියා...සුදු මැණිකේ කවදාවත් මගේ වෙන එකක් නැ.. ඒත් ඒ හිතට දැනෙන සැනසීම හිතට දැනෙන සැහැල්ලුව කවමදාවත් කා නිසා වත් දැනෙන්නේ නැ.. රුවන්මැලි සැ මළුවේදි දැනෙන හැගිමයි මට දැනෙන්නේ සුදු මැණිකේ ගාවදී....


කවදාවත් මගේ සුදු මැණිකේට නරකක් වෙන්න එපා...දුකක් වෙන්න එප...මේ අලුත් අවුරුද්දේදීවත් එයාගේ හිත ටිකක් වත් පැදෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම...