Monday, December 27, 2010

සුදු මැණිකේ...

සෙන්කඩගල පින් පාටම අරගෙන
තුන් ලොවටම මං ඔබ ගැන ලීවාට
විදි සෙනෙහස පත් ඉරුවට ගන්නද
පිදු පරිදිම මට ආපසු දෙනෙවද?.......

උනු කදුලැලි නෙතු අභියස පිරුණම
දොරගුලු ලා හිත තිබ්බෙත් ඔබමය
මට නැතිවට මතු භවයෙත් ඔය හිත
පෙරුම් පුරන්නට තව කල් මදි මට.......

සෙනෙහස පිරි හිත තැලුවෙත් ඔබමය
සිත් අහසම බිද වැස්සත් පෙර දින
තරු සැගව හිරු මැව්වත් ඔබමය
දිවි ඇති තෙක් මට දෙන්නෙත් දුකමද?

No comments:

Post a Comment